දේශීය පුවත්

ජනාධිපති වලට පෙර පළාත් සභා මැති මැතිවරණය කැඳවීම්ට හැකිවන සේ විශේෂ ගැසට්නි වේදනයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද හෙටම නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා පෙරේදා 26 රාත්‍රියේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ නීතිපති  දප්පුල ද ලිවේරා මහත්වරුන් කොළඹ මහගම සේකර මාවතේ නිල නිවසට කැඳවා ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්වක් ද පැවැත් වූ බව එම ආරංචි මාර්ග වලින් පැවසේ .

පළාත් සභා මැති මැතිවරණ පැවැත්විය හැකි ආකාරය සම්බන්ධයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුම්ක් ලබාගන්නැයි  ජනාධිපතිවරයා ඉකුත් සතියේ දී නීතිපතිවරයා වෙත දැනුම් දී තිබූ අතර මත විමසීම්ට පෙර ඒ ගැන තමාට ලිඛිතව දන්වන්න ඇයිැයි ද ජනාධිපතිවරයා නීතිපතිවරයාට දන්වා තිබිණි.

ඒ අනුව නීතිපතිවරයා මේ පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඇති බවද වාර්තා විය. පළාත්ළාත් සභා මැතිවරණය  පැවැත්වීමට අදාල ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පෙරේදා රාත්‍රී මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා සහ නීතිපතිවරයා කැඳවා සාකච්ඡා කරන්නට තීරණය කර ඇත්තේ ද ඒ අනුව බව පැවසේ.

ජනාධිපතිවරයා විසින් නිකුත් කිරීමට නියමිත ගැසට් නිවේදනයට අනුව පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග කියයි.

සබරගමුව, උතුරුමැද, නැගෙනහිර, වයඹ, උතුර, දකුණ සහ බස්නාහිර යන පළාත් සභාවේ නිල කාලය අවසන් වී ඇති අතර ඌව පළාත් සභාවේ නිල කාලය ද ලබන ඔක්තෝම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණ පවත්වන්නේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය බදාදා 24 යෝජනාවක් සම්මත කරගෙන තිබුණි.

Irida lankadeepa



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More