දේශීය පුවත්

වඳ කරනු ලැබූ මවුවරුන්ගේ ප‍්‍රමාණයට අනුපාතිකව වෛi ෂාෆි ෂෙහාබ්දීන් මහතාගේ බැංකු ගිණුමට කෝටි ප‍්‍රකෝටි ගණනක මුදල් ලැබී ඇතැයි ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී එජනිස සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26 දා) පැවසීය.

වෛද්‍ය ෂාෆි කුරුණෑගල බැංකු ශාඛාවක වෛද්‍ය ෂාෆිට අයත් ගිණුමකට පාස්‌කු ප්‍රහාරයෙන් පසුව රුපියල් ලක්‍ෂ දහ අටක මුදලක්‌ ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධව අදහස්‌ දැක්‌වූ සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් මහතාට ඊයේ ඇප ලබාදුන්නා. මවුවරුන් 3479 දෙනකුට සැත්කම් කරපු මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් නඩුවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් විත්තිකරුවා වෙනුවෙන් ඇප ඉල්ලීම කළා. සාමාන්‍යයෙන් ඇප ඉල්ලන්නේ පැමිණිලිකරු වෙනුවෙන්. මේක විහිළුවක්‌. ඊට පස්‌සේ තොරතුරු වසන් කරමින් ෂාෆි වෛද්‍යවරයාට මුදල් ලැබුණු ආකාරය ගැන විමර්ශනය කළා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ ගිණුම්වල ශේෂය රුපියල් ලක්‍ෂ පහක්‌වත් තිබුණේ නෑ.

මම ඉදිරිපත් කරනවා රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ෂාෆි ෂෙහාබ්දීන්ගේ ගිණුමට මුදල් ආපු ආකාරය ගැන.

ගිණුම් අංක 0112-100-01444149 මහජන බැංකුව කුරුණෑගල ශාඛාව. මේ ගිණුමට මුදල් ලැබීම ගැන මම කොටසක්‌ කියවන්නම්. මේ ආණ්‌ඩුව 2015 ජනවාරි 08 දා පත්වුණේ. ඊට පස්‌සේ මුදල් මොහුගේ ගිණුමට ගලාගෙන එනවා. දිනකට රුපියල් ලක්‍ෂ දෙක, තුන ඇවිත් තිබෙනවා.

2015 අගෝස්‌තු දහවැනිදා මේ ගිණුමට දශ ලක්‍ෂයක්‌ ලැබිලා. දොළහ දින ලක්‍ෂ හතළියයි, දහතුන දින දෙලක්‍ෂ හැත්තෑදහසයි, ඒ මාසේම පහළොස්‌වැනිදා පහළොස්‌ ලක්‍ෂ විසිපන්දාහයි, විසිහය වැනිදා දොළොස්‌ ලක්‍ෂයයි, තිස්‌ එක්‌වැනිදා ලක්‍ෂ දෙකයි. මේවා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ නෑ. ශානි අබේසේකර මහතා ඇත්ත කතා කරනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා. විලි ලැඡ්ජයි.

මේ ගිණුම් ඉදිරිපත් කරන්නේ නෑ. අර මවුවරුන්ට විශාල අසාධාරණයක්‌ කරනවා. රුපියල් කෝටි හතළිස්‌ නවයකට ආසන්න මුදලක්‌ ෂාv ෂෙහාබ්දීන් නමින් බැරවෙනවා. විශාල මුදලක්‌ බැරවෙනවා. ප්‍රහාරයට ආසන්න දිනවලත් විශාල මුදලක්‌ වැයවෙනවා. ප්‍රහාරයෙන් පසුව රුපියල් දහඅට ලක්‍ෂයක මුදලක්‌ බැරවෙලා.

ඔහු කුරුණෑගලින් වත්කම් මිලදී ගන්නවා. ඔහුගේ බිරිඳට සහ ඔහුගේ ඥාතීන් නමින් විශාල වත්කම් ප්‍රමාණයක්‌ මිලදී ගෙන තිබෙනවා.

ශල්‍යකර්මයකින් වඳකරන මවකට සාපේක්‍ෂව රුපියල් ලක්‍ෂ දෙකකට වැඩි ප්‍රමාණයක්‌ විදේශ රටවලින් හෝ වෙනත් තැන්වලින් ෂාෆිගේ ගිණුමට ලැබෙනවා. ඉනෝකා උදයංගනී කියන අඹගොඩේ ප්‍රදේශයේ පදිංචි මව කියනවා රාත්‍රි 11 ට ෂාෆි වෛද්‍යවරයා ඇවිත් එපා කියද්දි බලහත්කාරයෙන් සීසර් සැත්කමට ලක්‌ කළා කියලා. ඔහු මවුවරුන් 11 එල්. ආර්. ටී. සැත්කම්වලට ලක්‌කරලා. දිවුරුම් ප්‍රකාශ සහිතයි. මේවා මම සභාගත කරනවා.

 

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More