පුරවැසි කොලම

අප රට බහු වාර්ගික බහු ආගමික රටකි. ඒ රටේ ප්‍රධාන ජාතිය සිංහල බෞද්ධයන්ය. ඊට අමතරව දෙමළ, මුස්‌ලිම්, බර්ගර් ඇතුළු සුළු ජාතීන් තමන්ට අභිමත ආගම් අදහමින් ජීවත් වෙති. මේ සියලු ජාතීන් කාලයක්‌ තිස්‌සේ සුහදව සමඟියෙන් ජීවත් වෙති. තමන් කුමන ආගමක්‌ ඇදහුව ද ඒ නිසාම පීඩාවට හෝ අපහසුතාවට පත්වන්නේ නැත. මෙම ආගමික සහජීවනය දිගින් දිගටම පවත්වාගෙන යැම කාගේත් යුතුකම විය යුතුය.

නමුත් පසුගිය කාලයේදී මැති ඇමැතිවරුන් කියන කතා නිසා මෙම ආගමික සහජීවනයට බරපතළ තර්ජන එල්ල වී තිබේ. මේ රටේ බහුතර ජනතාව සිංහල බෞද්ධයන් නොවන බවට මංගල සමරවීර ඇමැතිවරයා විසින් දමා ගැසූ බෝම්බය පත්තු නොවුණේ ජාතියේ වාසනාවකටය. දැන් දැන් දේශපාලනඥයන්ට වඩා රටේ පොදු ජනතාව බුද්ධියට මුල්තැන ගෙන කිs්‍රයා කරන නිසා මංගලගේ කතාවට තටු ලැබුණේ නැත.

මේ අතර පසුගිය දිනෙක රාජ්‍ය ඇමැති රංජන් රාමනායක භික්‍ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කළ අමන ප්‍රකාශය මුළු මහත් සංඝ සමාජයේම පිළිකුලට භාජනය විය. අවසානයේදී රංජන් රාමනායක අස්‌ගිරි මහනා හිමියන්ගේ දෙපා නමැඳ ඊට සමාව ඉල්ලා සිටියේය. පෘථග්ජන පුද්ගලයකු නොමනා කතාවක්‌ කළ පමණින් බුද්ධ පුත්‍රයෝ ඊට උරණ වන්නේ නැත. ඔහුට මහා සංඝරත්නයේ සමාව ලැබුණත් ඔහු කළ වරද බරපතළය. ඔහු මෙවැනි කඩප්පුලි කතා කියනුයේ නොදැනුවත්කමට යෑයි සිතිය නොහැක. රංජන් මහා සංඝරත්නයට කළ අපහාසය ගැන අති උතුම් අගරදගුරු මැල්කම් රංජිත් පියතුමාණෝ පවා කම්පනයට පත් වූහ. රංජන් කළ ප්‍රකාශය කොතරම් බරපතළද කිවහොත් ඒ ගැන සෙවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ට ත්‍රිපුද්ගල කමිටුවක්‌ පත් කිරීමට සිදු විය.

දැන් මහා සංඝරත්නයට අපහාස කරන අලුත්ම චරිතය බවට පත්ව ඇත්තේ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලිය.

මේ රටේ මෑතකදී මහත් ආන්දොaලනයකට ලක්‌ වූ පුවත වූයේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාµs ෂෙහාබ්දීන් සිංහල මවුවරුන් වන්ධ්‍යකරණයට ලක්‌ කළ බවට නැඟෙන චෝදනාවක්‌ය. එම සිද්ධීන් මේ වනවිට ගරු අධිකරණයේ විභාගයට ගැනෙන කාරණයක්‌ නිසා අපි ඒ ගැන වැඩියමක්‌ කියන්නේ නැත. කවරක්‌ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ භූමිකාව වූයේ අගතියට පත්වූ මව්වරුන් වෙනුවෙන් පෙනී සිටීමය. ඒ සඳහා උන්වහන්සේට ඇති අයිතියට කාට හෝ අභියෝග කළ නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී රටක තම මතය ප්‍රකාශ කිරීමට, ඒ වෙනුවෙන් පෙනී සිටීමට කාගෙන් හෝ අවසර ලබා ගත යුතු නැත. චිරාත් කාලයක්‌ තිස්‌සේ රටේ පාලකයන්ට අනුශාසනා කරමින් රට කරවීමට මහා සංඝරත්නය කළ සේaවාව ගැන අමුතුවෙන් කිව යුතු නැත. තත්ත්වය එසේ තිබියදී අසාද් සාලි මැතිඳුන් අතුරලියේ රතන හිsමියන් “පැලෝපීය නාළ එක්‌ස්‌පර්ට්‌” යෑයි කියමින් අපහාස කිරීම අප කිසිසේත් අනුමත කරන්නේ නැත.

එසේ ඇසීමට අසාද් සාලි පැලෝපීය නාල එක්‌ස්‌පර්ට්‌ කෙනෙක්‌දැයි අපි නොදනිමු. අතුරලියේ හිමියන් අත්අඩංගුවට ගන්න යෑයි කීම ද අසාද් සාලිගේ තර්ජනයකි. මෙවැනි මුග්ධ කතාවලින් රතන හිමියන් සැලෙන්aනේ නැත. නමුත් ඉන් ආගමික සහජීවනයට බාධාවක්‌ වන බව අසාද් සාලි උන්නාන්සේට නොතේරීම කනගාටුවට කරුණකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More