දේශීය පුවත්

ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කොට සංවර්ධනයකරන ලද රට පසුගිය අවුරුදු තුනේදී ආපස්සට ගොස් ඇති බවත් ජනතාව යළි බලය ලබාදුන්නොත් රට යළි ගොඩ ගන්නා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඒමහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් 07 වෙනිදා සවස හෝමාගම දී සංවිධානය කරන ලද අවසන් ජනරැලියට සහභාගී වෙමිණි.

අපි හදපු රට පසුගිය අවුරුදු තුනේදී සෑම අංශයකින්ම පිරිහීමට ලක්වෙලා අද විරැකියාව ඉහළ ගිහිල්ලා, පොළි අනුපාතය වැඩි වෙලා, කර්මාන්ත කඩා වැටිලා, රටේ ණය බර ඉහළ ගිහිල්ලා, මහබැංකු හොරකමෙන් රටේ ආර්ථිකය නැත්තටම නැතිවෙලා, ජීවත්වෙන්න බැරිව මිනිස්සු මැරෙනවා. ළමයි කොවක්කා ගෙඩි කාලා මැරෙනවා. එලියෙ තිබුණු ළමයගෙ මෘත හරීරයේ නහය මීයෝ කඩාගෙන කාලා, අනේ මේ අපේ දරුවෝ. රටකට ගිය කලක්. ජාතික ආරක්ෂාව නැතිවෙලා. රණවිරුවන් පාවාදෙනවා.

මේ සියළු තත්ත්වයන් නැතිකරලා යළි රට ගොඩනැගීම ආරම්භ කිරීමට නම් 10 වෙනිදා පොහොට්ටුවට ඡන්දය දෙන්න යනුවෙන්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More