මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත් මෙම සාකච්ඡාවට බොහෝදුරට සහභාගි වරණය මෙම නායකයන් දෙදෙනා පමණක් බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීම සම්බන්ධයෙන් මීට පෙර පැවතුණු සාකච්ඡාවල ප්‍රගතිය එහිදී එකඟතාවයකට පැමිණීමට හැකි වූ කරුණු සහ නොහැකි වූ කරුණු එම සාකච්ඡා සඳහා සහභාගී වූ කණ්ඩායම් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කර තිබේ.
එජාප විරෝධී පුළුල් ජාතික සන්ධානයක් ගොඩ නැගීමේ අරමුණෙන්ද ජනාධිපති සහ විපක්ෂනායක අතර සිදුවන සාකච්ඡා සාර්ථක වී පුළුල් නව සන්ධානයක් ගොඩනැගීමට හැකි වෙතැයි ඔවුන් අපේක්ෂා කරන බවද එම විශ්වාස කටයුතු ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...