දේශීය පුවත්

ආන්දෝලනයට ලක්ව ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය අලෙයිනා බී මෙජලිට්ස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම ඉල්ලීම කරමින් තානාපතිවරිය ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය යටතේ සිදුකරන ඉඩම් කළමනාකරණ ව්‍යාපෘතිය මගින් කිසිදු ඉඩමක් ඇමෙරිකානු රජයට හෝ ඇමෙරිකානු ආයතනයක් වෙත පැවරෙන්නේ නැතැයිද පවසා ඇති ඇමෙරිකානු තානාපතිවරිය නිදහස ලදදා සිට ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතිවලට ඇමෙරිකාව විසින් ඩොලර් බිලියනයක් ඉක්මවා ආධාර ලබා දී ඇතැයිද ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ ඩොලර් මිලියන 480ක පරිත්‍යාගයක් බවද එය නැවත ඇමෙරිකාවට ගෙවීමට ගිවිසුමෙන් බැඳී නැතැයිද එනිසා මෙම ගිවිසුමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට සහාය වන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය ශ්‍රී ලාංකික නායකත්වයට සහ සෙසු හවුල්කරුවන්ට වග කියන ආකාරයට මෙහෙයවනු ලබන්නේද ශ්‍රී ලාංකිකයන් විසින්ම බව ඇමෙරිකානු තානාපතිවරිය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

මේ අතර ජනාධිපතිවරයා පසුගිය දිනක පවසා සිටියේ රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් නොකරන බවය.

මෙම ගිවිසුම සහ ඉදිරියේ අත්සන් කිරීමට නියමිත තවත් ගිවිසුම් කිහිපයක් පිළිබදවම අප වෙත යොමුකර තිබූ ලිපි කිහිපයක්ප පළ  කළ අතර ජාතික සංවිධාන විසින් පුවත්පත් වෙත යොමු කළ සවිස්තරාත්මක  ලිපියක්  පහතින් පළ කර ඇත.

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න..

ශ්‍රී ලංකාවේ ගෙල සිර කරන විදේශීය බලවේග රට තුළට පය තබන හැටි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More