එක්දින ජාත්‍යන්තර තරග දිවියේ සිය අවසන් පන්දුවෙන් කඩුල්ලක් දවා ගනිමින්, සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමින්, සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්දින තරග දිවියට සමු දුන්නේය. ඒ මීට සුළු මොහොතකට පෙර අවසන් වූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ් පළමු එක්දින තරගයේදීය.
ඔහු එක්දින තරගවලින් සමුගත්තේ තවමත් පන්දුවෙන් පෙළහර පෑමට තමන් සමත් බව ඔප්පු කරමිනි. ඒ සිය අවසන් තරගයේදී නිලකුණු පන්දු වාර දෙකක් ද සමගින් ලකුණු 38 කට කඩුලු 03 ක් බිඳ හෙළමිනි.
තරගය අවසානයේ පැමිණ සිටි අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අමතමින් ඔහු කියා සිටියේ 2008 වසරේදී තම පාදයේ ආබාධයක් පැමිණ තිබූ බවත් කිසිවෙකු තමන් දෙස නොබැලූ අවස්ථාවක මහින්ද රාජපක් හිටපු ජනාධිපතිතුමා තමන්ට වෛද්‍යවරයෙක් හදුන්වා දී තමන් සුවපත් කල බවයි.
පේක්‍ෂක ඔල්වරසන් මැද්දේය ඔහු සදහන් කර සිටියේ අදත්, හෙටත්, හැමදාටමත් තමන් මහින්ද රාජපක්‍ෂ මහතාට පිං දෙන බව ය.
මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් මාලිංගගේ අවසන් තරගය නැරඹීම සදහා එක්ව සිටියේය.
අම්මෝ මාලි ඡන්දයක් ලග තියෙද්දී මේ වගේ දේවල් කියන්න එපා ගොඩක් අයට දරා ගන්න බෑ ?#malinga
Gepostet von Iraj Weeraratne am Freitag, 26. Juli 2019


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...