තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 91කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
මේ තරගය ශ්‍රී ලංකාවෙන් බිහි වු විශිෂ්ට වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගේ 15 වසරක ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ අවසන් තරගය වීම විශේෂත්වයකි.
දකුණු පළාතෙන් ක්‍රිකට් ලොවට දයාද කළ යෝකර් රජු ලෙස සැලකෙන 35 හැවිරිදි ලසිත් මාලිංග අද සැරසෙන්නේ වසර 15ක එක්දින ක්‍රිකට් දිවිය ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නිම කිරීම සඳහායි.
සිලින්ගා මාලි යන නාමයෙන් ප්‍රකට මේ දඩබ්බරයාගේ සමුගැනීමේ තරගය නැරඹිමට පැමිණි ක්‍රිකට් ලෝලීන්ගෙන් ආර් ප්‍රේමදාස පිටිය පිරී ඉතිරී ගියේය.
මේ අතර අද තරගය පැවැත්වෙන ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඇතුල් වීමේදී ප්‍රේක්ෂකයන් දැඩි පරීක්ෂාවකට ලක් කිරීම ද විශේෂත්වයකි.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කන්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 314ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු 99කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 17ක් සමඟින් ලකුණු 111ක් රැස් කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත් වු අතර ඔහු අද වාර්තා කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ 5 වන ශතකයයි.
සිය අවසන් එක්දින ඉනිම ක්‍රීඩා කිරීමට සඳහා ලසිත් මාලිංග 8 වන කඩුල්ල ලෙස පිවිසි අතර ඔහුට සිය ප්‍රේක්ෂයන්ගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමකි.
ලකුණු 38කට කඩුලු 3ක් දවා ගැනීමට ඔහු සමත් විය.
අද පැවති අවසන් තරගයේ අවසන් කඩුල්ලත් දවා ගැනීමට ලසිත් මාලිංග සමත් වීම විශේෂත්වයකි.
ඒ අනුව ඔහු තරග 226කදී කඩුලු 338ක් බිඳ දමමින් ලෝක එක්දින තරග ක්ශේත්‍රෙය් වැඩිම කඩුලු ලාභීන් අතර 9වන ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් විය.
අම්මෝ මාලි ඡන්දයක් ලග තියෙද්දී මේ වගේ දේවල් කියන්න එපා ගොඩක් අයට දරා ගන්න බෑ ?#malinga
Gepostet von Iraj Weeraratne am Freitag, 26. Juli 2019


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...