දේශීය පුවත්

ෂරියා නීතිය ඇත්තේ මුස්ලිම් ජනතාවට බවත් එයට මැදිහත්වීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොදෙන බවත් බස්නාහිර හිටපු ආණ්ඩුකරා අසාත් සාලි මහතා පවසයි.

ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසීය.

“ෂරියා කියන එක වරදවා ගන්න එපා. ෂරියා කියන්නේ කිසිම කෙනෙකුට බලපෑමක් කරන එකක් නෙමෙයි. ෂරියා කියන්නේ අපිට පිළිපදින්න තියෙන එකක්. ආණ්ඩුවට පිළිපදින්නවත්, ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ටවත්, මන්ත්‍රීවරුන්ටවත් පිළිපදින්න දෙයක් නෙමෙයි. මුස්ලිම් ජනතාවට පිළිපදින්න තමයි ෂරියාව තිබෙන්නේ. ෂරියාවට අතගහන්න අපි ඉඩකඩ දෙන්නේ නෑ. ”

මෙහිදී වෛද්‍ය සාෆි සම්බන්ධවද ඔහු අදහස් දක්වා සිටියේය.

“සාෆිට එරෙහිව නගර සභා සේවකයන් දාලා විරෝධතා කරන්නේ. රතන හාමුදුරුවෝ පැලෝපීය නාල විශේෂඥයෙක් වෙලා ඉන්නේ. පැලෝපීය නාල කොහොමද මිරිකුවේ කියා උන්වහන්සේ දන්නවා.

ඒකේ පී.එච්.ඩී. එක අරගෙන තිබෙන්නේ විමල් වීරවංශ උන්නැහේ. ඒකේ මහා පණ්ඩිතයා තමයි උදය ගම්මන්පිල. එල්ලලා මරන්න ඕන කියනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More