දේශීය පුවත්

ඇතැම් පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එම පිරිසගෙන් කොටසක් කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ සිට රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායක කළ නොහැකි තැන සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් සිදු කිරීමට උත්සාහ ගන්නා බව ඒ මහතා පැවසීය.

එහිදී සිය අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“නයි කීප දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළට රිංගලා ජනාධිපතිතුමාගේ ඔඩොක්කු කුක්කො හැටියට කටයුතු කරන්න උත්සාහ ගනිමින් ඉන්නවා.

මේ අය කරන හානියට වෙද මහත්තයෙක් ළඟට ගිහිල්ලාවත් බෙහෙත් කරන්න බැරි වෙනවා.”

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂ විරෝදී පිලේ සිට ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන නායකයෙකුට තමන් පූර්ණ සහාය ලබා දීමට එකඟවන බවත් ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More