දේශීය පුවත්

යාපනය චුණ්ඩික්කුලි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලකට ඊයේ (25) රාත්‍රියේ ඇතුල් වූ පිරිසක් විසින් අදාල කෝවිල සම්පූරණයෙන්ම කඩා දේව රූපද විනාශ කොට පලා ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.

චුණ්ඩික්කුලි මූලායි මාර්ගයේ පිහිටි ශ්‍රී වයිරවර් හින්දු කෝවිල හා දේව රූප මෙසේ විනාශ කොට ඇති අතර කෝවිලේ සියලුම බිත්ති බිමට සමතලා කොට දේව රූප කිහිපයක් විනාශ කොට තවත් දේව රූප කිහිපයක් රැගෙන ගොස් ඇත.

කෙසේ වෙතත් අදාල කෝවිල අවට ප්‍රදේශවාසීන් පවසා සිටියේ කෝවිලේ ප්‍රධාන පූජක වරයා හා තවත් පිරිසක් අතර ඇති ආරවුල් දුර දිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බවටත් විශාල පිරිසක් වන්දනාමාන සිදු කරන ලද කෝවිල කඩා විනශා කරවුන්ට එරෙහිව නීතිමය පියවර වහාම ගත යුතු බවටත්ය.

අදාල කෝවිල කඩන ලද පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර යාපනය පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇත.

මීට පෙරද යාපනය දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයක කිතුනු දේව සුරුවම්ද කිසියම් පිරිස් විසින් කඩා විනාශ කිරීම් කිහිපයක් වාර්ථා වී ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More