දේශීය පුවත්

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා ලබන සතියේ පියවර ගනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (24දා) රාත‍්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී පළාත් සභා මැතිවරණය මුලින්ම පැවැත්විය යුතු බවට යෝජනාවක් ඒකමතිකව සම්මත වීමෙන් පසු ජනාධිපතිවරයා ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට තීරණය කළ බව ද මහ ලේකම්වරයා ඊයේ (25දා) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීමට පක්ෂය තීරණය කරන්නේ නම් තමන් ද ඌව පළාත් සභාව විසුරුවීමට කටයුතු කරන බව ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් මහතා ගෙනා යෝජනාව මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව සම්මත වූ බවද මහ ලේකම්වරයා කීවේය.

ඒ අනුව ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් පළාත් සභා මැතිවරණය නව ක‍්‍රමයට හෝ පැරණි ක‍්‍රමයට පැවැත්වීම පිළිබඳව සහ මැතිවරණ ප‍්‍රමාද වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට පියවර ගනු ඇති බවත්, එහිදී පළාත් සභා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More