දේශීය පුවත්

අද ඉන්න ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය අතන මෙතන ගිහින් ඇවිත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශිකාවක් ලෙස කතාකරන බව සරත් වීරසේකර මහතා පවසයි.

ඊයේ (25) පෙරවරුවේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා තව දුරටත් සඳහන් කර සිටියේ දැන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙක් ඊට අදාළව ඇවිත් අගවිනිසුරුවරුන්ට පවා බලපෑම් කරන බවය.

ඊට හේතුව පාලකයින්ගේ නිවට කම බව පැවසූ වීරසේකර මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ එවැනි තත්වයක් යටතේ එංගලන්තයේ රෝගීන්ගේ මලමුත්‍ර සහිත පැරණි මෙට්ට පවා ලංකාවට අපනයනය කිරීම පුදුමයක් නොවන බවය.

ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර,නීතිඥ කල්‍යානන්ද තිරාණගම, නුවන් බැල්ලන්තුඩාව ඇතුළු ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභිකයන් සහ ජාතික සංවිධාන එකමුතුවේ නියමුවන් මේ සදහා සහභාගී වී සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More