විදේශ පුවත්

වසර 16කට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම ආණ්ඩුව තීරණය කර ඇති බවත් ඝාතකයන් පස් දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා දින නියම කර ඇති බවත් ඇමෙරිකා එක්සත් ජනපද නීතිපති බිල් බාර් අද (25) නිවේදනය කළේය.

දරණු ගණයේ අපරාධ සිදුකරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසත් ඔවුන්ට දැඩි දඬුවම් දෙන ලෙසත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කර ඇති ඉල්ලීම සලකා බලමින් මෙම පියවර ගන්නා බව නීතිපති බිල් බාර් පැවැසීය.

මේ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කටයුතු බාර ආයතනයට උපදෙස් දුන් බව ද ඇමෙරිකා එක්සත් ජනපද නීතිපතිවරයා කීවේය.

“අධිකරණ දෙපාර්තමේන්තුව නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට පියවර ගන්නවා. ඒ වගේම වින්ඳිතයන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් අපට වගකීමක් තිබෙනවා. අධිකරණ පද්ධතිය තුළින් මරණ දඬුවම පැනවූවා නම් අපි එය ක්‍රියාත්මක කළ යුතු” යැයි බිල් බාර් නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

පසුගිය වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය තුළ අපරාධකරුවන් 25 දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ අතර ඒ සියල්ල ක්‍රියාත්මක කරන ලද්දේ ප්‍රාන්ත ආණ්ඩු හා ඒවායේ අධිකරණවල තීන්දුවලට අනුවය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම ආණ්ඩුව යටතේ තිබෙන බන්ධනාගාරවල මරණ දඬුවම නියම වූ සිරකරුවන් 60කට ආසන්න පිරිසක් සිටින බව පැවසේ.

2003 වසරෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම ආණ්ඩුව සහ ඒ යටතේ පවතින බන්ධනාගාරවල මරණ දඬුවම නියම වී සිටින කිසිදු සිරකරුවකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වූයේ නැත. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම, භාවිත කරන ඖෂධ යනාදිය සම්බන්ධයෙන් පසුගිය සමයේදී ඇමෙරිකාව තුළ යම් විවාදයක් ද හට ගත්තේය. කෙසේ නමුදු හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ කාලයේදී මරණ දඬුවම සම්බන්ධයෙන් වැඩි කතාබහක් නොවීය.

ඒ.එෆ්.පී. ඇසුරිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More