Uncategorized

රජය මගින් ලබාදෙන කිරි පැකැට්ටුව පාසල් දරුවන්ට ලබානොදෙනෙන ලෙස මහජන අයිතීන් සුරැකීමේ පදනම පවසයි.

එහි අධ්‍යක්ෂක මෙහෙයුම් හා ජාතික සංවිධායක අසේල සම්පත් මහතා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ එම කිරි පැකැට්ටුවේ ඌරුතෙල් සහිත කිරි තිබිය හැකි නිසා එහි කිසිදු ප්‍රමිතියක් නැති වීම හා සෞඛ්‍ය සම්බන්ධයෙන් සහතිකයක් දෙන්නට නොහැකි නිසා මේ තිරණය ගන්නා ලෙස පාසල් දරුවන් සිටින ලංකාවේ දෙමාපියන්ගෙන් ඉතා වගකීමෙන් ඉල්ලා සිටින බවයි.

වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ ඒ මහතා මෙසේද කීය.

‘‘පසුගිය කාලයේ ඌරු තෙල් සහිත බැව් කීයු කිරිපිටි වරායේ තැම්පත් කර තිබුනා. අපට සැකයක් තියනවා මේ ආකාරයට නැවත පාසල් දරුවන්ට ලබා දෙන්නේ මේ ඌරු තෙල් සහිත පිටිකිරි ද කියා සැකයක් මතු වෙනවා. පාසල් ළමයින්ට කිරි දෙන ජනාධිපති කිරි මාමාගේ කතාන්දරය ජනාධිපතිවරයාගේ ප්‍රතිරුපය වර්ධනය කරගන්නට සිදුකරන කටයුත්තක් මිස කිසිදු දැක්මක් නොමැති කටයුත්තක් වෙනවා. මෙයට අමතරව කිරි විදුරුවක් මෙහි නෑ.විශාල මුදලක් පිටරටවලට දෙන්නට කල ව්‍යාපෘතියක් වශයෙන් මෙය හැදුන්වා දිය හැකිය.කිසිදු වගකීමක් නොමැතිව කටයුතු කරන සමහර නිලධාරින් එක්ව ජනාධිපතිවරයා ගත් මේ කටයුත්ත ඉතාමත් වැරදියි. පාසල් ළමයින් කිරි පැකැට්ටුව පානය කිරීමෙන් පසුව එය සෝදා කසළ බඳුන් වල තැම්පත් කළ යුතුව තියනවා. අද රටේ පාසල්වලට ජල පහසුකම් නැ.පොදු පහසුකම් නෑ. පාසල්වලට ටැබ්දෙන රටේ පාසල්වල ටැප් නෑ.එවිට කිරි බීමෙන් පසුව ළමයින්ට හිස් කිරි පැකැට්ටුව සෝදන්න ජලය නැතුව ළමයින්ද ගුරුවරුන්ද අපහසුතාවයකට ලක්වෙනවා.මේ නිසා එකතුවන හිස් කිරි පැකැට් නිසා බරපතල පරිසර අවුලක් රටතුළ ඇති වෙනවා.මෙම කිරි පානය කර පාසල් දරුවන් 28 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.‘‘



One thought on “පාසල් දරුවන්ට දෙන කිරිවීදුරුවේ ඌරුතෙල් තිබේදැයි සැකයි – මහජන අයිතීන් සුරැකීමේ පදනම”

  1. “මෙම කිරි පානය කර පාසල් දරුවන් 28 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.‘‘….

    මේ කාරණාව ඉක්මනින් ජනතාව අතරට ගෙනියන්න, තවත් දරුවෝ මැරෙන්න කලින්.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More