මීට සුළු මෙනාහොතකට පෙර වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඇප මත නිදහස් කිරිමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.
ඒ අනුව රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 ක ශරීර ඇප 4ක් මත ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.
අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා එල්ලවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද තෙවැනි දිනටත් කැඳවීය.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ෂාෆි වෛද්‍යවරයා ද නඩු විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් කෙරුණේ අද පස්වරුවේදීයි.
මේ වන විට කුරුණෑගල අධිකරණ භූමිය අවට විශාල පිරිසක් ඒකරාශී වී සිටින බවත් කැරලි මර්ධන ඒකක කැදවා ඇති බවත් එහි ප්‍රකාශකයෙක් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...