විදේශ පුවත්

ලබන අවුරුද්දේ (2020) එංගලන්තයේ ප්‍රාථමික පාසල් අධ්‍යාපනය සඳහා අලුත් විෂය දහරාවක් හඳුන්වාදීමේ දී, ළමුන්ට ස්ත්‍රී ලිංග ඡේදනය (Female genital mutilation -FGM ) හෙවත් යෝනි සුන්නත පිළිබඳව ඉගැන්වීම ආරම්භ කළ යුතුව ඇතැයි සමාජ ක්‍රියාකාරිකයන් කණ්ඩායමක් පෙන්වා දෙති.

එංගලන්තයේ ද්විතීයික පාසල් ළමුන්ට 2020 සිට කාන්තා යෝනි සුන්නත (FGM ) පිළිබඳව ඉගැන්වීමට දැනටමත් නියමිතව ඇත.

එහෙත් දැනටමත් අනතුරුදායක තත්වයක පසුවෙන ඇතැම් ගැහැණු ළමුන් එම පාඩම් ඉගෙනීම අතින් ප්‍රමාදයක් සිදුවිය හැකි බවට විශේෂඥයෝ බිය පළ කරති.

ජාතික FGM මධ්‍යස්ථානයට අනුව, වයස අවුරුදු දහයට පෙර බොහෝ ගැහැණු දරුවන් පිටරටවල දී නිතරම යෝනි සුන්නතට ගොදුරු වෙති.

2003 වසරේ සිට එංගලන්තය,වේල්සය සහ උතුරු අයර්ලන්තයේත් 2005 වසරේ සිට ස්කොට්ලන්තයේත් එම ක්‍රියාව නීතියෙන් තහනම් කරනු ලැබ ඇති නමුත් එක්සත් රාජධානියේ වෙසෙන ඇතැම් ප්‍රජා කණ්ඩායම් දිගටම එම චාරිත්‍රයේ යෙදෙන බව බලධාරීන්ට හසු වී ඇත.

මූලාශ්‍ර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More