දේශීය පුවත්

ජනාධිපතිවරණයක් ජයග‍්‍රහණය කළ හැකි මට්ටමේ කිසිදු පුද්ගලයකු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සතුව නැතැයි මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා අද (25) පැවැසීය.

ජනාධිපතිවරණයකට ඉදිරිපත් කළ යුත්තේ සටනක් දිය හැකි අශ්වයන් මිස කකුල කැඩුණු අශ්වයන් නොවන බව කී අමුණුගම මන්ත‍්‍රීවරයා හොදට සටන් කළ හැකි අශ්වයන් කිහිපදෙනෙකු තම පක්‍ෂය සතුව සිටින බවද පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංධානගතවනවාට කිසිදු අකමැත්තක් නැති බව කී අමුණුගම මන්ත‍්‍රීවරයා එමෙත් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමේ අයිතිය තම පක්‍ෂය සතුවිය යුතු යැයිද කීය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ දුවන්න පුළුවන් අශ්වයන් මිස කකුල කැඩුණ නොන්ඩි ගසන අශ්වයන් නොවන බව කී අතර සටනක් දිය හැකි හොදම මට්ටමේ අශ්වයින් කිහිප දෙනෙකු තම පක්‍ෂය සතුව සිටින බවද දිළුම් අමුණුගම මන්ත‍්‍රීවරයා සදහන් කළේය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More