ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ දේශපාලන පක්ෂ රැසක නව සන්ධානය පිහිටුවී හෙට (26) පෙරවරුවේ සිදු කෙරේ.
ජනාධිපතිවරණය සහ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම ඉලක්ක කොට ගත් නව දේශපාලන සන්ධානය බිහි කිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම හෙට පෙරවරු නවයට විජේරාම මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වීමට සියලූ කටයුතු මේ වන විට සූදානම් කොට ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින ඒකාබද්ධ විපක්ෂයේ සියළු දේශපාලන පක්ෂ වලට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පිළිගත් දේශපාලන පක්ෂ දහයක් මෙහි දී සන්ධානගත වන බව අද පෙරවරුවේ කොළඹ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම මහතා අනාවරණය කළේය.
මව්බිම ජනතා පක්ෂය, ලංකා කම්කරු එක්සත් පෙරමුණ, තමිල එක්සත් නිදහස් පෙරමුණ, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, මුස්ලිම් උලමා පක්ෂය, ලිබරල් පක්ෂය, නව සිහල උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය, එක්සත් ලංකා මහා සභාව, භූමිපුත්‍ර පක්ෂය යන දේශපාලන පක්ෂ හෙට දිනයේ අවබෝධතා ගිවිසුමට එක්වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...