දේශීය පුවත්

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ පාර්ශ්වලවලට බල කිරීමේ යෝජනාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සම්මත කර ගෙන තිබේ ඒ, ඊයේ (24) රාති‍්‍රයේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ “සියලුම මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින්ගේ ඒකමතිකව යෝජනාවන් සම්මත කෙරුණා. ඒ තමයි මේ වන විට රටේ පළාත් සභා විසුරුවා හැරලා අවුරුද්දක් අවුරුදු එකහමාරක් විතර වෙනවා.. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ආයතන විදිහට නොගැලපෙන තත්ත්වයක්. ඒ නිසා හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු කළ යුතුයි කියලා පෙන්වා දුන්නා. ඒ යෝජනාව ඒකමතිකව සම්මත වුණා.” යනුවෙනි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකඟතාවයක් සම්බන්ධයෙන් පවත්වනු ලබන සාකච්චා තවම අවසන් වී නොමැති නිසා මෙවැනි සංධානයක් පිහිටුවීම ගැන තම විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රාතී‍්‍ර 07.00 ට ජනාධිපති නිල නිවසේදී රැස්වුණා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More