සුගිය 21 වනදා කාදිනල්තුමා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව පොදුවේ රජයේ දුර්වලතා පෙන්වා දෙමින් සිදු කළ කතාවක් පිළිබඳව ජනාධිපතිතුමා විසින් උන්වහන්සේට එරෙහිව ප්‍රහාරාත්මක කතාවක් කිරීම ප්‍රඥාගෝචර ක්‍රියාවක් නොවන බව සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා පවසයි.
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව විසින් අද (25) දින රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා පවසා සිටියේ ජනාධිපතිතුමා තමාට අදාළ නොවන තොප්පියක් දමාගෙන සමාජය ඉදිරියේ හෑල්ලුවට ලක්වීම රටට අහිතකර බව ය.
රියර් අද්මිරාල් ආචාර්ය සරත්වීරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර,නීතිඥ කල්‍යානන්ද තිරාණගම, නුවන් බැල්ලන්තුඩාව ඇතුළු ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභිකයන් සහ ජාතික සංවිධාන එකමුතුවේ නියමුවන් සහභාගී වී සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...