යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ සිසුන් දෙපිරිසක් අතර 24 දා ඇති වූ ගැටුමකින් දෙපාර්ශ්වයේම සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම ගැටුම හට ගෙන ඇත්තේ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පලමු වසර සිසුන් පිරිසක් හා ජෙයෂ්ඨ සිසුන් පිරිසක් අතර ය. තුවාල ලබා ඇති සිසුන්ගෙන් වැඩි දෙනෙකු සිංහල සිසුන් බව කිළිනොච්චිය රෝහල් පොලීසිය පැවසීය.
මෙම ගැටුම සම්බන්ධයෙන් කිළිනොච්චිය මණ්ඩපය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර තුවාල කරුවන් රෝහල් ගත කිරීම හේතුවෙන්කි ළිනොච්චිය පොලීසියද පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...