දේශීය පුවත්

ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගන්නාලද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා තම රටේ පුරවැසියෙක් නිසා තමන්ට භාරදෙන ලෙස යුක්රේනය ඉල්ලා ඇතිබව වාර්තාවේ. යුක්රේන බලධාරීන් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත.

උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තුවක් නිකුත්කළේයැයි පැවසුවද එය නිල් වරෙන්තුවක් යැයි වාර්තා වන අතර නිල් වරෙන්තුවකින් හැකිවන්නේ පුද්ගලයෙකුගේ අනන්‍යතාවය, ජීවත්වන ප්‍රදේශය හා සිදුකරන ක්‍රියාකාරකම් ආදී තොරතුරු ලබාගැනීම පමණි.

එමෙන්ම යුක්රේනය හා රුසියාව අතර පවතින දැඩි සමීපතාවය හේතුවෙන් මෙම ඉල්ලීම කෙරෙහි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවධානය යොමුවීමේ වැඩි ඉඩ කඩක් පවතින බවද වාර්තාවේ.

කෙසේ නමුත් උදයංග වීරතුංග මහතා රැගෙන ඒම සඳහා නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි වෙත යැවීමට ශ්‍රී ලංකා ආණ්ඩුවද පියවර ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More