දේශීය පුවත්

ලොව ප්‍රධානතම වහාබ්වාදයේ ප්‍රවර්ධකයන් වන “මුස්ලිම් ලෝක ලීගය” (MWL) ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන්ට හා ආගමික නායකයන්ට සාමය උගැන්වීමට මෙම විශේෂ “මහා සමුළුව” සංවිධානය කර තිබේ. එය මේ මස (ජූලි 30දා) කොළඹ නෙළුම් පොකුණ රඟහළේ දී රඟ දැක්වීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර අවසන් ය.

ලොව පුරා ඉස්ලාම් අන්තවාදී “වහාබ්වාදය” ව්‍යාප්ත කිරීමේ පුරෝගාමියා ලෙස සැලකෙන “මුස්ලිම් ලෝක ලීගය” (MWL) ශ්‍රී ලංකාවේ මහානායක හිමිවරු ප්‍රධාන මහා සංඝරත්නයට හා ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට ඉස්ලාම් වහාබ්වාදයේ ඊනියා සාම පණිවිඩය රැගෙන ඒම තරම් විහිළුවට කරුණක් තවත් නැත. අනෙක් කරුණ වන්නේ මේ සඳහා ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය ලබා දීමය.

තුර්කිය හා තවත් බොහෝ රටවල ඉස්ලාමයේ වහාබ්වාදී ඉගැන්වීම් ප්‍රවර්ධන කිරීමට අනුග්‍රාහය ලබා දීමේ ප්‍රධාන කඳවුර ලෙස මෙම “මුස්ලිම් ලෝක ලීගය” (MWL) නම් දරා ඇත.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව MWL නමිත් හඳුන්වන Muslim world league නමැති සෞදි අරාබියාවේ ස්ථාපිත මෙම සංවිධානය ලොව ප්‍රධානතම මුස්ලිම් සංවිධානයයි. සෞදියේ ‘මැකා’ නුවර මෙම MWL සංවිධානය ස්ථානය කර ඇති අතර සෞදි රාජ්‍යය විසින් ඊට පූර්ණ අනුග්‍රහය සපයනු ලබයි.

සමාජසේවා, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රජා සංවර්ධනය, හදිසි ආධාර, තාක්ෂණික සහාය ආදී සේවා සපයන බව පෙන්වමින් ලොව පුරා බොහෝ රටවලට යන මොවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමික රාජ්‍යයක් බිහිකිරීමට අවශ්‍ය මූලික පදනම දැමීමය.
ඒ සඳහා කුරාණයේ ඉගැන්වීම් ශරියා ඉගැන්වීම්වල මූලිකාංග ඉතා සූක්ෂම ලෙස සමාජගත කිරීම වුවත් මොවුන්ගේ නිල වෙබ්අඩවියට අනුව ඔවුන්ගේ වැඩපිළිවෙල වන්නේ ඉස්ලාමීය සැබෑ අරමුණ ලොවට ගෙන යෑමය. මේ සංවිධානය යටතේ තවත් උප සංවිධාන රාශියක් ද ක්‍රියාත්මකයි.

මෙම “මුස්ලිම් ලෝක ලීගය” (MWL) විවිධ රටවල ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, ඇමැතිවරුන්, ඉතා උපක්‍රමශීලීව සම්බන්ධ කර ගැනීම සඳහා විශාල ලෙස මුදල් සහ අනෙකුත් ත්‍යාග ලබා දීමටත් එම නායකයන් සෞදි රජ සමඟ සම්බන්ධ කිරීමටත් ඉතා සූක්ෂම ලෙස කටයුතු කරයි.

පසුගිය වසර කිහිපය තුළ වහබ්වාදී මුස්ලිම් අන්තවාදීන් විසින් ප්‍රධාන ලෙස ගමන් කරනු ලබන්නේ බුරුමයේ සහ ශ්‍රී ලංකාවේ ගොඩනැඟෙමින් තිබෙන මුස්ලිම් විරෝධය සමනය කිරීම සඳහා අදාළ රටවල රාජ්‍ය නායකයන් හා බෞද්ධ නායකයන් සම්බන්ධ කරගැනීමට විශාල ආයෝජකයක් කිරීමට මෙම සෞදි සංවිධානය කටයුතු කරමින් සිටින අතර ඒ අනුව බෞද්ධ සමාජයෙන් නැගෙන විරෝධය සමනය කර කොට ඉස්ලාම්කරණයේ කූඨ උපක්‍රමය “සාමය හා සංහිඳියාව” තේමාව කොටගනිමින් සිදුකිරීමට ඉතා සූක්ෂමව මොවුන් කටයුතු කරයි.
මෙහිදී මෙම ව්‍යාපෘති තුළින් ඉතා අධික මුදලක් ලොව පුරා බෙදා හැරීමට “මුස්ලිම් ලෝක ලීගය” (MWL) කටයුතු කරන අතර, විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ රාජ්‍ය නායකයන්ටත් බෞද්ධ නායකයන්ටත් ඇදහිය නොහැකි ප්‍රමාණයේ මුදලක් ලබා දීමට මෙම සංවිධානය දැනටමත් කටයුතු කර ඇත.⁣

“මුස්ලිම් ලෝක ලීගය” (MWL) ලොව පුරා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විකිපිඩියා වෙබ්අඩවියේ සඳහන් කර ඇති කරුණුද සැලකිල්ලට ගැනීම වටී. https://en.m.wikipedia.org/wiki/Muslim_World_League



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More