දේශීය පුවත්

ආන්දෝලනාත්මක ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් කිරීමෙන් අගතියට පත් මවුවරුන්ට ජනාධිපතිවරයා හමුවී සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට නොහැකිව ඇතැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් සී.අයි.ඩී. පරීක්ෂණ සාධාරණව සිදු නොවන බවත්, එම නිසා සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසත් පවසමින් අසාධාරණයට ලක්වූ මවුවරුන්, මහා සංඝරත්නය සහ නීතිඥවරුන් සමග ජනාධිපතිවරයා මුණගැසී සංදේශයක් ලබාදීමට පැමිණ එම අවස්ථාව මගහැරීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ එසේ පැවසූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීහ.

“අපි මේ ස්ථානයට පැමිණියේ කුරුණෑගල රෝහලේ සාෆි වෛද්‍යවරයාගෙන් මවුවරුන්ට සිදුවී ඇතැයි කියන වඳ සැත්කම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා හමුවී ඉල්ලා සිටීමටයි. නමුත් ජනාධිපතිවරයාට වැඩ අධික නිසා හමුවීමට නොහැකි බව එහි නියෝජිතයින් ප‍්‍රකාශ කළා. අපි අහන්නේ රටේ බහුතර ජනබලයකින් තේරී පත්වූ ජනාධිපතිවරයාට මහජන නියෝජිතයෙක්, සංඝයා වහන්සේ නමක් විනාඩි පහකට හමුවෙන්න බැරිද කියලයි? අපිට මේ සටන මෙහේදි බේරගන්න බැරි නම් ජනතාව සමග මහපාරේ බේර ගන්න පුළුවන්”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More