දේශීය පුවත්

යාපනය, කොටුව ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථානයක පිහිටි දේව සුරුවමක් කිසියම් පිරිසක් විසින් ඊයේ (23) රාත්‍රියේ කඩා දමා ඇති බව යාපනය පොලීසිය පවසයි.

යාපනය කොටුව ආසන්නයේ පිහිටි අදාල කිතුනු දේවස්ථානයේ ඉදිරිපස මෙම දේව සුරුවම ඉදිකොට තිබූ අතර එමගින් කිතුනු බැතිමතුන් විශාල පිරිසක් දෛනික ආගමික කටයුතු සිදු කරගත්හ.

එවැනි ආගමික වතාවත් සිදු කරන ලද දේව සුරුවම කඩා විනාශ පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර කිසියම් පිරිසක්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි පොලීසිය සැක පල කරන අතරම දේව සුරුවම කඩා දැමුනු පුද්ගයින් කවුරුන්දැයි යන්න සෙවීමට පොලීසිය විසින් පරීක්ෂණයක්ද අරඹා ඇත.

මීට පෙරද අවස්ථා කිහිපයකදීද යාපනය, වඩ්ඩු‍කොඩ්ඩෙයි හා මන්නාරම ප්‍රදේශයන්ගේ පිහිටි දේව සුරුවම් කිහිපයක් කඩා දමා තිබිණු අතර උතුරු පලාතේ පිහිටි කිතුනු දේව සුරුවම් කඩාදමන හෝ කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් ක්‍රියාත්මක වන බවට බියක් ඇති බවටද උතුරේ කිතුනු බැතිමතුන් වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More