දේශීය පුවත්

මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතික ඡන්දය නොමැතිව කිසිවෙකුට මේ රටේ ජනාධිපති විය නොහැකි බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

ජේ ආර් ජයවර්ධනගේ සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා සියලු ජනාධිපතිවරුන් මෙරට බලයට ගෙන ආවේ මුස්ලිම්වරුන් විසින් බව පැවසූ ඔහු වැඩිදුරටත් පවසා සිටයේ සුළුජාතික ඡන්ද නොමැතිව ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගත හැකි යැයි ඇතැමුන් ප්‍රකාශ කළ ද එවැන්නක් සිදුවිය නොහැකි බවය.

හිස්බුල්ලා මහතාගේ මෙම ප්‍රකාශය පිළිබදව කරන ලද විමසීමකදී ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසා සිටියේ මෙවැනි අදහසකි.

‘‘ ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර බෙදී ගොස් තිබූ මුස්ලිම් ඡන්ද එක ගොඩට එකතු කිරීමට උත්සාහ කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට 1989 පාර්ලිමේන්තු මැතිවරණයේද දිස්ත්‍රික් 13කින් ලබාගන්නේ මුස්ලිම් ඡන්ද වලින් 32%ක් පමණයි.

ඒ ඡන්දයේ දී ඔවුන් නැගෙනහිර පළාතෙන් ලබාගන්නේ 50%ට මඳක් අඩුවෙන්. 1994 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන් නැගෙනහිර පළාතේ ලබා ගන්නේ 50%කට අඩු මුස්ලිම් ඡන්ද ප්‍රමාණයක්. අශ්රෆ් මහතාගේ මරණයෙන් පසුව ඇතිවූ  අනුකම්පාව මත 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී නැගෙනහිර පළාතේ මුස්ලිම් ඡන්ද වලින් 66%ක් ගැනීමට මුස්ලිම් කොංග්‍රසය සමත් වුනා.
නමුත් 2012 දී පළාත් සභා මැතිවරණයේදී ඔවුන් එම ප්‍රදේශයෙන් ලබාගැනීමට සමත් වන්නේ මුස්ලිම් ඡන්ද 37%යි.

මුස්ලිම් දේශපාලන පක්ෂ සියල්ල සන්ධානගත වී මැතිවරණයට ඉදිරිපත් වීමෙන් ද තත්ත්වය වෙනස්. 2014 බස්නාහිර පළාත් ඡන්දයේ දී එම සන්ධානය ලබාගැනීමට සමත් වන්නේ මුස්ලිම් ඡන්දවලින් 17% යි. 2009 දී පැවති මැතිවරණයේදී අදාළ ඡන්ද ප්‍රමාණය 18% යි. ඒ අනුව ජාතිවාදී ලෙස සන්ධානගත වීම මගින් ඔවුන්ට ලැබී ඇත්තේ අව ගමනක්. 2014 දී ඌව පළාතේදී මුස්ලිම් පක්ෂ සන්ධානයට අත්වූයේ වඩා දරුණු තත්වයක් පළාතේ 40,000 ක් වූ මුස්ලිම් ඡන්දවලින් ඔවුන්ට ලැබෙන්නේ ඡන්ද 5035 ක්. එනම් අටෙන් එකක්.”

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පුළුල් සන්ධානයක් ගොඩනැගීම යුගයේ අවශ්‍යතාවය බවත්, බහුතර සිංහල ඡන්ද නොසලකා සුළු ජාතිික ඡන්ද වලින් ඉදිරි මැතිවරණ දිනා ගැනීමට කවුරුන්හෝ හිතනවානම් එය මිත්‍යාවක් බවත් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More