විදේශ පුවත්

බොරිස් අද දිවුරුම් දෙයි

July 24, 2019 12:57 pm | Lanka Lead News

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එරට හිටපු විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් අද (24) දිවුරුම්දීමට නියමිතයි.

නායකත්වය සම්බන්ධයෙන් වන නිවේදනය වෙස්මිනිස්ටර් හි ක්වීන් එලිසබත් ටූ ශාලාවේදී පැවැත්වුණේ පක්ෂ සාමාජිකයන් රැසකගේ සහභාගිත්වයෙන්.

නව නායකයා තෝරාපත්කරගැනීමට පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද 92153ක් දිනාගත් ජොන්සන් ඉතාමත් පහසුවෙන් සිය ජය තහවුරු කරගත්තේය.

එහිදී ඔහුගේ ප්‍රතිවාදියා වූ වත්මන් රජයේ විදෙස් කටයුතු ඇමති ජෙරමි හන්ට් ට දිනාගැනීමට හැකිවුණේ ඡන්ද 46656ක් පමණයි.

මෙම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජොන්සන් වැඩිදුරටත් පැවසුවේ විපක්ෂයේද සහාය ලබමින් බ්‍රෙක්සිට් වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සිය ස්ථීර අපේක්ෂාව බවයි.

බොරිස් ජොන්සන් ලන්ඩනයේ හිටපු නගරාධිපතිවරයා මෙන්ම තෙරේසා මේ ගේ රජයේ පළමුවැනි විදෙස් අමාත්‍යවරයාද විය.

කෙසේ නමුත් අසාර්ථක බ්‍රෙක්සිට් වැඩපිළිවෙලකින් අනතුරුව පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වූ අගැමැතිනී තෙරේසා මේ වෙත ලැබුණු සහාය තරම්වත් සහායක් ජොන්සන් වෙත නොලැබෙනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ බව සනාථ කරමින් දැනටමත් හිටපු අමාත්‍යවරයෙක් හා අමාත්‍යවරියක් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර ඔහුට සහාය නොදක්වන බව පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් පිරිසක් දැනටමත් පවසා අවසන්.

පක්ෂනායකත්වයට මෙන්ම සෘජුව අගමැතිවරයා තෝරාපත්කරගැනීමට කන්සවේටිව් පක්ෂ සාමාජිකයන් ඡන්දය භාවිතකළ පළමු අවස්ථාව ලෙසින්ද මෙය ඉතිහාසයට එක් වෙයි.

මේ අතර අගමැතිනී තෙරේසා මේ අවසන් වරට එංගලන්තයේ බකිංහැම් මාළිගයේදී දෙවැනි එලිසබෙත් රැජිණ හමුවීමට නියමිතයි.

එහිදී ඇය සිය ඉල්ලා අස්වීම රැජිණ වෙත භාරදෙනු ඇති අතර ඉන් අනතුරුව බ්‍රිතාන්‍යෙය් මීළඟ අගමැතිවරයා ලෙසින් බොරිස් ජොන්සන් සිය ධුරයේ දිවුරුම් දෙනු ඇති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More