ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ලබන 11 වැනිදා ප‍්‍රසිද්ධියට පත්කරන පුද්ගලයා ආගමික නායකයන්ගේ උපදෙස් ලබාගෙන 12 වැනිදා සිට මැතිවරණ ප‍්‍රචාරණ වැඩ ආරම්භ කරන බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ආණ්ඩුවේ අදූරදර්ශී ක‍්‍රියාමාර්ග නිසා කලකිරුණු ජනතාව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා දැන ගැනීමට දැඩි උනන්දුවක් දක්වන බව කී මහින්ද රාජපක්‍ෂ මහතා එම අපේක්‍ෂකයා ලබන 11 වැනිදා කැලණි රජමහා විහාරයට, අනුරාධපුර ජයශ‍්‍රී මහා බෝධීන් වහන්සේ හා මහනුවර ගොස් දළදා වහන්සේ වැඳපුදා ගෙන මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ ආශිර්වාදය ලබාගෙන මැතිවරණ සටන ක‍්‍රියාත්මක කරන බවද කීවේය.
මේ වන තෙක් ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා හෙළිකර නැති බව පැවසූ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට දින නියම කළත් නොකළත් ජනතාව අද මුහුණපා සිටින තත්ත්වය අනුව මැතිවරණ ප‍්‍රචාරණ වැඩකටයුතු පුළුල් කරන බවද කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...