දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එජාපයේ මූලිකත්වයෙන් බිහිවන නව සන්ධානය ලබන අගෝස්තු 05 වැනිදා එළිදැක්වීමට එජාපය සූදානම් වේ. ඒ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමිනි.

කෙසේ වෙතත් මේ සඳහා එජාපයේ ඇතැම් දෙවැනි පෙළ නායකයන්ගේ විරෝධය එල්ල වූ අතර ඔවුන් ප්‍රකාශ කළේ පළමුව ජනාධිපති අපේක්ෂකයා නම්කළ යුතු බවයි. ඉන්පසු ඔහුට අවශ්‍ය පරිදි සෙසු පක්ෂ සමග සන්ධානගත වීමට අවස්ථාව ලබාදිය යුතු බව ඔවුන්ගේ අදහස විය.

කෙසේ නමුත් ඒ සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමි නොවූ අතර ඒ අනුව සුපුරුදු පරිදි නව සන්ධානය ගොඩනැගීම අගෝස්තු 05 වැනිදා සිදුවීමට නියමිතය.

පළමුව ජනාධිපති අපේක්ෂකයා නම්කළ යුතු බව පවසන්නේ එජාපයේ සජිත් හිතවාදී කණ්ඩායමයි. ඔවුන්ගේ බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කිරීමෙන් පසුව ඔහුට අවශ්‍ය පරිදි සන්ධානය ගොඩනැගීමයි.

එහෙත් මෙම යෝජනාව ලප් තැනම ලොප් වීමත් සමගින් ඔවුන් වෙනත් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.

ඒ අනුව නව සන්ධානය බිහි කරන ලබන 05 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා ඔසවා තැබීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

ඊයේ (23) පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව සජිත් හිතවාදී කණ්ඩායම රැස් වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ එජාප නායකයා සමග ගැටුමකට නොගොස් හැකි සෑම ආකාරයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට ඇති ජනතා බලය සහ ආකර්ෂණය පෙන්වා ඒ හරහා ඔහුට එජාපය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමටයි.

ඒ අනුව ලබන 05 වැනිදා සජිත් හිතවාදී එජාප පාක්ෂිකයන් විශාල ප්‍රමාණයක් කොළඹට රැගෙන ඒමට නියමිත අතර විශේෂ ප්‍රචාරක වැඩපිළිවෙලක්ද දියත් කිරීමට නියමිතය.

වෙනදා සජිත් වෙනුවෙන් පෙනී සිටියේ එජාපයේ පසුපෙළ නායකයන් හා මන්ත්‍රීවරුන් පමණක් වුවද මෙවර එජාපයේ මුල්පෙළ නායකයන් මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට අතිශය සමීප ඇමතිවරුන් පවා සජිත්ට සහයෝගය පළකරන අතර ඒ අනුව මෙවර එජාප නායකයාට සජිත් ප්‍රේමදාස මහතා ලෙහෙසියෙන් පැත්තකට කර තැබිය නොහැකි වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

lankanewsweb



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More