දේශීය පුවත්

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සපුරාලීමට නම් ඒකාබද්ධ උතුරු නගෙනහිර පළාතක් තුළ ස්වයං පාලන ව්‍යුහයක් සහිත දේශපාලන විසඳුමක් ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසඳුම් වශයෙන් බලකරන බව තමිල් මක්කල් කූට්ටනි පක්ෂයේ මහ ලේකම් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා අවධාරණය කරයි.

තමිල් මක්කල් කූට්ටනි පක්ෂය විසින් මඩකලපුව වාකරෙයි කදිරවේලි ප්‍රදේශයේ පැවැත්වූ ජනතා ගැටලු විමසීමේ වැඩසටහනකට එක්වෙමින් විග්නේෂ්වරන් මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සී.වී විග්නේෂ්වරන් මහතා මෙසේද කීය.

නැගෙනහිර පළාත ගත්තම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රීක්කවල දෙමළ ජනතාව මුස්ලිම්වරුන්ගේ සැලසුම් සහගත ක්‍රියාවන්ට හසුවෙලා. දෙමළ ජනතාවට අයත් ඉඩම් අධික මිලක් දීල මුස්ලිම් ජනතාව මිලදී අරගෙන තියෙනවා කියල මට අහන්න ලැබුණා. මේ වගේ අපේ ඉඩම් මුස්ලිම්වරුන් ඇතුළු අනෙකුත් ජාතීන්ට විකිණීමෙන් අපට අපේ භූමිය නැතිවෙලා යාවි. දෙමළ ජනතාව සුළු ජාතීන් බවට පත් වේවි.

ඒ වගෙම ආර්ථික ප්‍රශ්න නිසා දහස් ගණනක දමිළ කාන්තාවන් ඉස්ලාම් ධර්මයට හරවාගෙන තියෙනවා. එය සැබැවින්ම වේදනා සහගතයි. මේ තත්වයට යන අපේ දෙමළ කතුන් බේරාගත යුතුයි. එය අපගේ වගකීමක්. අපේ කාන්තාවන්ට රැකියා අවස්ථා හිමිකර දිය යුතුයි.

මේ ආකරයට අපගේ භූමියත් ස්වෛරීභාවයත් ගැනීමට නම් ඇත්තේ එකම මගයි. ඒ ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාතක් තුළ ස්වයං පාලනයට අනුගත දේශපාලන විසඳුමක් උතුරු නැගෙනහිර ජාතික ගැටළුවට ස්ථීර දේශපාලන විසඳුම් වශයෙන් ලබාදිය යුතුයි. ඒ තුළින් දෙමළ ජනතාවගේ ස්වෛරීභාවයත් අයිතිවාසිකමුත් ආරක්ෂා කරගත හැකියි. ඒ සඳහා අප දිරිමත් විය යුතුයි යැයි ද විග්නේෂ්වරන් මහතා කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More