දේශීය පුවත්

රනිල්ට අලියා එපාවෙයි

July 23, 2019 6:01 pm | Lanka Lead News

ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය අළුත් සංවිධානයක් සහ අළුත් ලාංජනයක් යටතේ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිතාවකපුර සංවර්ධන කටයුතු රැසක් ආරම්භ කිරීමන් මුල්ගල තැබීම,විවෘත කිරීම් සිදු කිරීමෙන් පසුව පැවැති ජන හමුවක දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

” අප ඉදිරියේ දී එජාප පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා.අපි අලුත් සංවිධානයක් ඇති කරගන්නවා. එය ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ලෙසයි අපි නම් කර තියෙන්නේ.එයට දැවැන්ත පක්ෂ ගණනාවක්, සංවිධාන පුදගලයන් හා සියලුම දෙනා එක්කර ගෙන මෙම දැවැන්ත පුළුල් දේශපාන සංවිධානය බිහි කරනවා.මෙයට අමතරව,මෙම දැවැන්ත සංවිධානයට ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ අලුත් පක්ෂක් අලුත් සංවිධානයක් අලුත් ලාංජනයක් යටතේ ඉදිරිපත් වි ජනාධිපතිවරණය මහ මැතිවරණය ද ජය ගන්නවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

අපි රටම සංවර්ධනය කරනවා. සීතාවන පුරවරය ද සංවර්ධනය කරන ගමන්ම,ගම ,නගරය ද සංවර්ධනය කර ජනතාවට යහපත් ජීවිතයක් ගත කරන්න පියවර ගන්නවා කියලා මම කියන්න කැමැතියි. ගම වාගේම නගරයක් සංවර්ධනය කරනවා.කොළඹ වරාය නගරය සංවර්ධනය කර එය ලංකාවේ කොටසක් වශයෙන් ලංකා සිතියමට එක් කරගන්නට අපි කටයුතු කරනවා.මාර්ග සංවර්ධනය,අධිවේගි මාර්ග සංවර්ධනය කර කොළඹ,ගාල්ල හම්බන්තොට සංවර්ධන යෝජනා ක්‍රම රැසක් සිදුකරනවා.මේ අනුව අපි ඩුබායි,සිංගප්පුරුව වාගේ සංවර්ධනයක් ඇති නගර බවට ලංකාව ඉදිරි කාලය තුළ එනම් වසර 05ක් තුළ මේ රටේ ඇති කරනවා.

අපි අභියෝග ජය ගෙන තියනවා. ණය අරගෙන ණය ගෙවා ගන්න බැරිව අපට ණය දෙන්න බැරි තත්ත්ව්යට පත්ව සිටියා. නමුත් අපි ආණ්ඩුව ගත් පසු ණය ගෙවා යහපත් පරිසරයක් රටට ඇතිකර ගත්තා.ඉදිරියේ දි රටට ණය බර දරන්නට ඉඩ තියන්නේ නෑ. සියලුම ණය අපි ගෙවා අවසන් කරනවා.අතිරිත්ත ආර්ථිකයක් ඇති රටක් වශයෙකන් ලංකාව පත් කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More