පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාගෙන්ද කරුණු විමසීමට බලාපොරොත්තු වන බව එම කාරක සභාවේ සාමාජිකයෙක් පැවසීය.
කමිටු සාමාජිකයන් අගරදගුරුතුමන් හා ජනාධිපතිවරයා හමුවට ගොස් මෙසේ කරුණු විමසීමට අදහස් කරගෙන සිටින බව කී එම ප්‍රකාශකයා, දෙදෙනා කමිටුව හමුවට කැඳවීම සුදුසු නොවන බවට අවබෝධ කරගෙන සිටින හෙයින් එසේ කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.
විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීම්වලදී ජනාධිපතිවරයා හා අගරදගුරුතුමා පිළිබඳව විවිධ අදහස් පළ කෙරුණු බවත්, මේ තත්ත්වය යටතේ එම දෙදෙනාගෙන් කරුණු විමසීම ද වැදගත් බවත් කමිටු සාමාජිකයෝ අදහස් කරති.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අගරදගුරුතුමාත් ජනාධිපතිවරයාත් පසුගිය දිනවල විවිධ අදහස් පළ කර තිබිණි.
මේ අතර තමා කිසිවිටෙකත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට නොයන බවට ජනාධිපතිවරයා ඉකුත්දා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...