දේශීය පුවත්

වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේ පාලු ළිඳක තිබි මෝටාර් උණ්ඩ තොගයක් ඊයේ (22) දින සොයාගෙන ඇති බවට පුලියන්කුලම් පොලීසිය පවසයි

පවතින නියං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසියෙකු විසින් ගෙවත්තක තිබු ළිඳක් පිරිසිදු කරන අවස්ථාවේ අදාළ බෝම්බ තොගය හමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් අසල යුද හමුදා කඳවුරක් වෙතට දැනුම් දී ඇත.

අනතුරුව වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයකට අනුව වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා 563 බලසේනාවේ යුද හමුදා නිලධාරීන් හා පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ළිඳ තුළ තිබු අදාළ මෝටාර් උණ්ඩ තොගය සොයාගෙන ඇත.

එහිදී මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩු 11ක්, ටි56 ගිනිඅවි කොටස් දෙකක් හා බිම් බෝම්බයක් ද සොයාගෙන ඇත.

යුද සමයේ අදාළ ප්‍රදේශය එල්. ටි. ටි.ඊ පාලන බල ප්‍රදේශයේ තිබු අතර, අවසන් සමයේ පළාගිය එල්. ටි. ටි.ඊ සාමාජිකයින් අදාළ පුපුරණ ද්‍රව්‍ය ළිඳට දමා යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් නිෂ්ක්‍රීය කිරීමට නියමිතව ඇති බව පුලියන්කුලම් පොලීසිය වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More