විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ.
අද (23) පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණු බව විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේය.
සාකච්ඡාව සඳහා මහින්ද රාජපක්ෂ මහතාට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ද සහභාගී වී ඇත.
අමෙරිකානු තානාපති කාර්යාලයේ ඉල්ලීමක් මත මෙම හමුව සිදුව ඇති අතර රටේ වත්මන් දේශපාලන වාතාවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ බව කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරටයා පැවසුවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...