ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට සියලුම දේශපාලන පක්ෂ දැඩි උණුසුම් වාදයක පැටලී සිටින අතර එහි සුවිශේෂී පාර්ශවයන් ලෙස එක්සත් ජාතික පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපී පෙනෙයි.
2020 ජනාධිපතිවරණ සටනේ තවත් උණුසුම් දිනයක් නිමා වෙමින් තිබෙන්නේ (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීය.
ඒ අනුව අරලියගහ මන්දිරයේ පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වන සංවාදය සිදුව ඇති අතර එහිදී කබීර් හෂීම් අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සුදුසුම තැනැත්තා සජිත් ප්‍රේමදාස මහතා බවයි.
විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ බාහිරට පෙනෙන්නට ඇති අන්දමට බහුතර කැමැත්ත නැත්නම් මනාපය සජිත් ප්‍රේමදාස මහතාටය. එහෙත් අද පැවති කණ්ඩායම් රැස්වීමේදී බොහෝදෙනෙකු අපේක්ෂා නොකළ සිදුවීමක් සිදුව තිබේ.
කබීර් හෂීම් මහාතාගේ යෝජනාවට බහුතරයකගේ ප්‍රසාදය හිමිවෙතැයි බලාපොරොත්තු වුවද ඊට කැමැත්ත පළකළේ දෙවන පෙළ අසුනක සිටි මන්ත්‍රීවරයෙක් පමණක් බව විහ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
සජිත් ප්‍රේමදා මහතාගේ නම යෝජනා වීමත්, අනපේක්ෂිත ලෙස ඊට ලැබුණු ප්‍රතිචාරයත් නිසා එම අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ වාසිය ගැන පැහැදිලි කිරීමට මලික් සමරවික්‍රම මහතා සූදානම් වී ඇති නමුත් අගමැතිවරයා විසින් එම උත්සහය වැලැක් වූ බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...