විදේශ පුවත්

ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි ආයතනය හෙවත් සී.අයි.ඒ. සංවිධානයට සේවය කරන ඔත්තුකරුවන් 17 දෙනකු අල්ලාගත් බවත් ඉන් පිරිසකට මරණ දඬුවම නියම කර ඇති බවත් ඉරාන මාධ්‍ය අද (22) වාර්තා කළේය.

සැකකාර ඔත්තුකරුවන් සමඟ සී.අයි.ඒ. සංවිධානයේ යැයි කියන නිලධාරීන්ගේ ඡායාරූප කිහිපයක් ද ඉරාන මාධ්‍ය අද ප්‍රසිද්ධියට පත් කර තිබිණි. ඇතැම් අයගේ ඡායාරූප ඉරානයේ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය ද කෙරුණි.
කෙසේ නමුත් ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානය මෙතෙක් මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත

සී.අයි.ඒ. සංවිධානයේ යැයි කියන පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉරානය පසුගිය ජූනි මාසයේදී නිවේදනය කළ අතර ඉරානය අද ප්‍රසිද්ධියට පත් කළ පිරිස හා ඔවුන් එකම පිරිසක් ද පැහැදිලි නැත.

මේ වනවිට මාස තුනක් මුළුල්ලේ සිට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අතර අර්බුදකාරී තත්ත්වයක් පවතින අතර එවැනි මොහොතක ඉරානය මෙලෙස සී.අයි.ඒ. සංවිධානයේ නිලධාරීන් හා ඔත්තුකරුවන් අල්ලාගත් බව නිවේදනය කළේය.

ඉරානය සහ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අතර තිබෙන අර්බුදකාරී තත්ත්වය උත්සන්න වීම නිසා පසුගිය මැයි මාසයේදී ඇමෙරිකාව ඉරානයට සම්බාධක ද පැනවීය.

රොයිටර් ඇසුරිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More