දේශීය පුවත්

නැවත ජනාධිපතිවරණයක් කැඳවිය යුත්තේ එළැඹෙන වසරේ මැයි මාසයේදී බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. සැබැවින්ම ජනාධිපතිවරයාගේ ධුර කාලය ක්‍රියාත්මක වන්නේ කථානායකවරයා අත්සන් තැබූ දින සිට බැවින් එසේ කළ යුතු යයි ඔහු සඳහන් කළා.

මහව දළඳාගම ප්‍රදේශයේදී නිදහස් පක්ෂ තරුණ බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව සඳහන් කලා.

ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවයි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වීමේදි වසර 6ක ධුර කාලයක් තිබු බවත් 19වන ව්‍යවස්ථා සංශෝධනය සිදු වන විට වත්මන් ජානාධිපතිවරයා සිය ධුරයට පත් වී අවසන් බවත් ඔහු පැහැදිලි කළා.

19වන ව්‍යවස්ථා සංශෝධනය වලංගු වන්නේ එළැඹෙන ජනාධිපතිවරණයෙන් තේරිපත්වන ජනාධිපතිවරයාට බවත් ඒ අනුව ඔහුගේ ධුර කාලය වසර 5කට සීමා නොවන බවත් මන්ත්‍රීවරයා පවසනවා..

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිසි ලෙස නීතියානුකුලභාවය විමසා ජනතාව ලබා දුන් ජන වරමට නිසි සාධාරණයක් ඉටුකරන්නැයි ඔහු වැඩි දුරටත් පැවසුවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More