එළඹෙන අගෝස්තු එකොළොස් වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනය පවත්වන බවද එම පක්‍ෂ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
අද උදෑසන පැවති ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් අමතමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ.
එම සම්මේලනයේදී පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බවද ඉන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති අපේක්ෂක ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
ඊට පසු දින සියලුදෙනාම අනුරාධපුරයට ගොස් ජයශ‍්‍රී මහා බෝධිය වැඳපුදාගෙන ඉන් පසු දළදා මාළිගාවටත් පසුදින කතරගම සහ කිරි වෙහෙර වැදපුදා ගැනීමට නියමිත බවත් රාජපක්‍ෂ මහතා හෙලි කර ඇත.
පසුව ගාල්ල ඔස්සේ කොළඹට පැමිණ අගරදගුරු කාදිනල් හිමියන් බැහැදැකීම සිදු කිරීමට සැලසුම් කර ඇතැයිද පොදුජන පෙරමුණේ වැඩ සැලැස්ම හෙලි කරමින් ඔහු පවසා තිබේ.
ඒ අනුව නව ජනාධිපති අපේක්‍ෂකයා සමගින් ඉරිදා දිනයේ සිට සිකුරාදා දක්වා රට වටේ චාරිකාවක් පක්ෂය විසින් සංවිධානය කර ඇත.
බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම අදහස් දැක්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බැසිල් රාජපක්ෂ මහතාට ගෞරවනීය ස්තුතියක් පුද කර ඇතැයිද වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...