විදේශ පුවත්

ඉරානය විසින් බ්‍රිතාන්‍යයට අයත් ධජය රැගත් තෙල් ප්‍රවාහන නෞකවක් රඳවා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

එහිදී, අදාළ නෞකාව තම භාරයට ගැනීමට මොහොතකට පෙර ඔවුන් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් එච්.එම්.එස්. මොන්ට්‍රෝසේ නෞකාව සමග කතාබහ කර ඇති අතර, ඔවුන්ට ස්ටෙනා ඉම්පේරෝ තෙල් ප්‍රවාහන නෞකාව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව බිතාන්‍ය මේ වනවිට පවසා ඇති අතර, තත්ත්වය තවදුරටත් උග්‍ර අතට පත්කිරීම බ්‍රිතාන්‍ය විසින්ම සිදුකරන බවට ලන්ඩනයේ ඉරාන තානාපතිවරයා පවසයි.

විශේෂයෙන්ම නීතිවිරෝධී ලෙස පැහැරගනු ලැබූ බ්‍රිතාන්‍ය නෞකාව යළි හරවා එවන ලෙස එරට විදේශ ලේකම්වරයා ඉරානයට පවසා ඇත. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඉරානය නිසි ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ඊට එරෙහිව ගත හැකි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කරමින් සිටියි.

මෙම ස්ටෙනා නෞකාවට අමතරව, තවත් බ්‍රිතාන්‍ය නෞකාවක් වෙත ඉරාන හමුදා ඇතුළු වුවත් පසුව එම නෞකාව නිදහස් කර තිබුණි.

ටෙහෙරාන් පාලනය පවසන්නේ අදාළ නෞකාව ජාත්‍යන්තර සාගර නීති උල්ලංඝනය කළ නිසා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

මෙම නෞකාව වටා ප්‍රහාරක යාත්‍රා කිහිපයක් රැකවල් යෙදීමෙන් අනතුරුව හෙලිකොප්ටරයක් මගින් පැමිණි හමුදා කඹ ආධාරයෙන් නෞකාව වෙත පතිත වූ ආකාරය දැක්වෙන වීඩියෝවක්ද නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ප්‍රහාරය නෞකාව අනතුරු ඇඟවීමක් කර තිබුණත්, ඔවුන්ට ඒ ස්ථානයට ළඟාවීමට නොහැකි දුරක එය පසුවී ඇති බව සඳහන් වෙයි.

මෙම සිදුවීමත් සමග යුරෝපා රාජ්‍යයන් රැසක්ම ඉරානයේ මෙම ක්‍රියාව දැඩිව හෙළා දැක ඇති බව විදෙස් වාර්තා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More