දේශීය පුවත්

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හා අගමැති අපේක්ෂක ධුර සඳහා රනිල් වික්‍රමසිංහ හා කරු ජයසූරිය මහත්වරුන් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව එ.ජා.ප. ඉහළ පෙළේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මෙම යෝජනාව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත කර ගැනීම සඳහා ඉදිරි සති කිහිපය තුළ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් පැවැත්වීමට යන බවද වාර්තා වෙයි.

එ.ජා. පෙරමුණ සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෙස නම්කොට එහි සාමාජිකත්වය පුළුල් කරන බව මේ ගැන දේශයට අදහස් දැක්වූ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම පෙරමුණ සඳහා සුළු ජාතික පක්ෂවලට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන වගද හෙතෙම කීය. සාධාරණ සමාජයක් සඳහා වන එකමුතුව මෙන්ම තවත් සිවිල් සංවිධාන ගණනාවකටද ඇරුයුම් කරන වග ඔහු වැඩිදුරටත් පැවසීය.

එහෙත් එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් බහුතරය යෝජනා කරන්නේ එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන හැටියටය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More