ජාතික නායකයින්ගේ හිඟයක් පවතින වකවානුවක කළුතර දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙකු බිහි කිරීමට මෙවර ද අවස්ථාව උදා වී ඇති බව සිහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි.
අද (21) රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කළ ආගමික උත්සවයක දී අනුශාසනාව පවත්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.
අනුශාසනාව පවත්මින් වැඩිදුරටත් අදහස් දැක් වූ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙසේ ද පැවැසූහ.
‘‘ කළුතර දිස්ත්‍රික්කයෙන් අග්‍රාමාත්‍යවරයෙකු බිහි වූවත්, ජනාධිපතිවරයෙකු බිහි වී නැහැ.
කළුතර දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙකු බිහි කර ගැනීමට කාලය උදා වී තිබෙනවා.
ජාතික නායකත්වයේ හිඟයක් පවතින අතර, එම හිඟය මකා දැමීමට කළුතර දිස්ත්‍රික්කයේ අපට අවස්ථාව උදා වී තිබෙනවා.
සියලු දෙනා එකමුතු කිරීම කාලීන අවශ්‍යතාවයක්.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...