දේශීය පුවත්

පාස්කු ප්‍රහාරයට තෙමසක් පිරෙන මොහොතේ ඊට සෘජුවම සම්බන්ධ ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ තමාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

අරලගංවිල මහවැලි ප්‍රතිභා ශාලාවේදී අද(22) පෙවරුවේ ජනහමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය. අමාත්‍යවරයා මෙසේද කීවේය.

“ඇතැම් මුස්ලිම් දේශපාලනඥයින්ගේ කට කැඩිච්ච කතා නිසා අහිංසක මුස්ලිම් මිනිසුන්ගෙන් පලිගන්න එපා කියලා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මුස්ලිම් ඇතැම් දේශපාලනඥයින් කියන කරන දේවල් අනුව ගොඩක් මිනිසුන්ට කළකිරීම් ඇතිවුණත් ඒවට මුස්ලිම් ප්‍රජාවම පලි නැහැ. සිංහල, බෞද්ධ ජනතාව කුපිත වන දේවල් නැවත මුස්ලිම් දේශපාලනඥයින් ප්‍රකාශ කරනවා. කබීර් හෂීම් වැනි මුස්ලිම් දේශපාලකයින් ඉතා වැදගත්. නමුත් මුස්ලිම් ඇමැතිවරු එකෙකෙනක් දෙන්නෙක් නිසා විවිධ ගැටලු ඇතිවෙනවා. ඒ ප්‍රකාශ නිසා අන්තවාදී හැඟීම්, බෙදීම් ඇතිවෙනවා.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More