දේශීය පුවත්

මගේ රටයි-කසාවතයි යන මැයෙන් සඟ සමුළුවක් ඊයේ සවස තංගල්ල නගර ශාලාවේ දී පැවැත්විණි.

රටට නායකයන් බිහි කිරීමේ දී මහා සංඝ රත්නයේ ඓතිහාසික කාර්යභාරය සිහිපත් කරමින් ඒ ඇගයීමත්, යලි ඒ කටයුත්තට මහා සංඝ රත්නයට ආරාධනා කිරීමත් අරමුණු කර පැවති මේ සමුළුවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා සංඝ රත්නය සහ ආරාධිත ගිහි ප්‍රභූන් රැසක් සහභාගී වූහ.

තංගල්ලේ ගෝතම ස්වාමීන්වහන්සේ පිළිගැනීමේ කතාව සිදු කල අතර හම්බන්තොට දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් ගලපිටගල ප්‍රේමරත්න හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සහ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පැවිදි දේශන සිදු කළහ. මහාචාර්ය චන්න ජයසුමන සහ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල ගිහි දෙසුම් පැවැත්වූහ.

රට දැය වෙනුවෙන් දිවිපිදූ රණ විරුවන් උදෙසා පැන් වඩා පුණ්‍යානුමෝදනාවක්ද සිදු කෙරුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More