දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් නිසාලෙයිට් සොසී මෙරටට පැමිණ ඇත්තේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 2000 කට අධික තව්හිද් ජමාත් කි‍්‍රයාකාරීන් සහ කුරුණෑගල මව්වරුන් වඳභාවයට පත් කළ බව කියන වෛද්‍ය ෂාෆි පිළිබඳව විමර්ශනය කිරීමට බව හෙළිවී ඇත.

දින අටක් පුරා මෙරට රැඳී සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයා අගතියට පත් මව්වරු හෝ පාස්කු ප‍්‍රහාරයෙන් විපතට පත් පිරිස හමුවී සාකච්ඡා කිරීමට ඉදිරිපත් වී නැත.

මෙරට මුස්ලිම් ජනතාවට තර්ජන සහ ප‍්‍රහාරවලට මුහුණදීමට සිදුවී ඇති බවත් මුස්ලිම් ජාතිකයන් නිකරුනේ අත්අඩංගුවට ගෙන ඇති බවත් දක්වමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පිටු 10 ක වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමු කර ඒ ගැන විමර්ශනයක් කරන ලෙස ඉල්ලා තිබිණි.

මේ අනුව ලබන 26 දා තෙක් මෙරට සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයා කරුණු විමසීමට තීරණය කර ඇත්තේ ශී‍්‍ර ලංකාවට එරෙහිව කි‍්‍රයා කරන රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියා ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලකයන් සහ රජයේ නිලධාරීන්ගෙනි.

මෙම එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා මෙරට තත්ත්වය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් සහ මහා සංඝරත්නය සමග සාකච්ඡුා පවත්වන බව සිය න්‍යාය පත‍්‍රයේ දක්වා නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More