දේශීය පුවත්

මාදිවෙල පිහිටි මන්ති‍්‍ර නිලනිවාසයකදි පසුගිය 19දා විශේෂ සාකච්චාවක් පැවැත්විණි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ නියෝජනය කරන මන්ති‍්‍රවරු 08 දෙනෙකු හා මන්ති‍්‍රවරියක්ද සහභාගි වී තිබුණි.

මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්චා වී තිබුණේ ඉදිරි ජනාධිපති මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳවයි. එම සාකච්චාවේදි එක්සත් ජාතික පක්ෂයේ නායකයන් කිහිප දෙනෙකු පිළිබඳව විශේෂයෙන් සාකච්චා වී තිබුණි. එනම් රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, කරු ජයසූරිය හා ලක්ෂ්මන් කිරිඇල්ල යි.

විශේෂත්වය වනුයේ මෙම තරුණ මන්ති‍්‍ර හමුවේදි කරු ජයසූරිය මහතාද දැඩි ලෙස විරෝධය පලකර තිබිමයි. එහිදි මන්ති‍්‍රවරු සඳහන් කර තිබුණේ කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂය පාවාදුන්නෙකු බවයි. එවන් පසුබිමක් පැවතියද එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරූ ජයසූරිය මහතාට පක්ෂයේ නියෝජ්‍ය නායකකමද ලබාදීම පවා අමතක කොට එවන් අයෙකු වෙනුවෙන් පාක්ෂිකයා ඉදිරියට ගොස් සහය ලබාදෙන්නේ කෙසේදැයි මන්ති‍්‍රවරු සාකච්චා කර ඇත.

තවද 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදි තම දිස්ති‍්‍රක්කයවත් ආසනයත් ජයගත නොහැකි වූ කරු ජයසූරිය මහතා ඉදිරි ජනාධිපතිවරණයේදි ජනාධිපති අපෙක්ෂකත්වය අපේක්ෂා කිරිමත් ලැජ්ජා සහගත බවත් 2010 මැතිවරණයේදි ඔහු උපේක්ෂා ස්වර්ණමාලිට පවා පරාජය වූ බව බදුල්ල දිස්ති‍්‍රක් මන්ත‍්‍රීවරයෙකු මෙහිදි පවසා තිබුණි.

– මාදිවෙල විශේෂ වාර්තාකරු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More