විදේශීය බලවේගවලට අත පොවන්න ඉඩ නොදෙන්න අපේ නායකයන්ගේ කොන්ද පණ නැති බවත්. අහිංසක ජීවිත තුන් සීයක් විනාශ වුනේ හිතුවක්කාර දඩබ්බර ප‍්‍රතිපත්තියක් නැති නායකයන් නිසා
බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසති.
අද (21) උදේ කාදිනල්තුමන් මේ බව සදහන් කළේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත‍්‍ර ප‍්‍රහාරය හේතුවෙන් විනාශයට පත් මීගමුව කටුවපිටිය ශූද්ධවූ සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානය ප‍්‍රතිසංස්කරණය කිරීීමෙන් පසු නැවත කැප කිරීමේ දිව්‍ය යාගය හා ප‍්‍රහාරයෙන් මියගිය පිරිස් වෙනුවෙන් දිව්‍ය පූජාව අවසථාවේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මැල්කම් රංජිත් කාදිනල් තුමන්-
” විදේශීය බලවේගවලට අත පොවන්න ඉඩ නොදෙන්න අපේ නායකයන්ගේ කොන්ද පණ මදි. මේවා විසදන්න නායකයෝ උදව් කරන්න ඕනෑ. කකුලෙන් අදින්න එපා. ශක්තිමත්ව තිබූ බුද්ධි අංශය විනාශ කළා ජාත්‍යන්තර ඕන එපාකම් කිරීීම සදහා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් සංවිධාන සතුටු කරන්න බුද්ධි අංශ අඩපන කර විනාශ කර දැම්මා. වනාතවිල්ලූවේ සිද්ධියේදී කිසිවක් කලේ නැහැ. මාවනැල්ලේ බුදු පිලිම විනාශ කළ අය හෙලිකල අයට වෙඩි තිබ්බා ඒවා යට ගැහුවා. ව්‍යවස්ථායකය හා විධායක අතර පැවති අරගලය නිසා ආරක්ෂක මණ්ඩලය කැඳවූයේ නැහැ. අනතුරු ඇගවීම් තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ. අහිංසක ජීවිත තුන් සීයක් විනාශ වුනේ හිතුවක්කාර දඩබ්බර ප‍්‍රතිපත්තියක් නැති නායකයෝ නිසයි.මේ සියලූ දෙනාට ගෙදර යන්න කියලා රට කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න ඕනෑ”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...