දේශීය පුවත්

බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිකාරී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අපවත්වී වදාළ අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (08 වැනිදා) බ්‍රහස්‌පතින්දා, පස්‌වරු 3.00 ට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී සිදුකෙරේ.

ෙත්‍රෙනිකායික මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය, රාජ්‍ය නිලධාරීන්, විදේශ දූත මණ්‌ඩල නිලධාරීන්, කුලපතිවරුන්, උපකුලපතිවරුන් සහ විශ්වවිද්‍යාල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්‌ඩලද, ශිෂ්‍ය ප්‍රජාව සහ මහජනතාවද මෙම ආදාහන
පූජෝත්සවයට සහභාගී වීමට නියමිත බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවැසීය.

මහජන ගෞරවය සඳහා අද (08 වැනිදා) මධ්‍යහ්න 12.00 දක්‌වා ශ්‍රී දේහය බෙල්ලන්විල රාජමහා විහාරයේ තැන්පත් කර තිබෙන අතර පස්‌වරු 1.00 ට අවමංගල්‍ය පෙරහැර බෙල්ලන්විල රාජමහා විහාරයෙන් පිටත්වී බොරලැස්‌ගමුව හන්දිය, රත්තනපිටිය
හන්දිය හරහා විශ්වවිද්‍යාලයට සැපත් වීමට නියමිතය.

එහිදී උන්වහන්සේගේ ශ්‍රී දේහය විශ්වවිද්‍යාලයේ උප කුලපති ඇතුළු අධ්‍යයන කාර්ය මණ්‌ඩලය, අනධ්‍යයන හා ශිෂ්‍ය ප්‍රජාව විසින් පිළිගෙන ආදාහන පූජෝත්සවය සඳහා විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත පෙරහැරෙන් වැඩම කෙරේ.

මේ අතර අපවත්වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන්ගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්‌ථානයට උන්වහන්සේට අවසන් ගෞරව දැක්‌වීමට ඊයේ (07 වැනිදා) දිනයේදී දිවයිනේ නන්දෙසින් බෞද්ධ අබෞද්ධ විශාල පිරිසක්‌ පැමිණියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More