සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 18 වැනිදා මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්විණි. එහිදී ඔවුන් මාධ්‍ය හමුවේ කියා සිටියේ වෛද්‍ය ෂාෆි විසින් සිදුකළ ශල්‍යකර්මවලදී වඳ භාවයට පත් වූ බව කියන මව්වරුන්ට HSD පරීක්‍ෂණය සඳහා කාසල් සහ සොයිසා රෝහල්වල සියලූ පහසුකම් සලසා ඇති මුත් කිසිම මවක් මේ වන තුරුත් එම පරීක්‍ෂාව සඳහා ඉදිරිපත් නොවූ බවයි.
පුදුමයට කරුණ වන්නේ කුරුණෑගල අධිකරණය මගින් මෙම HSD පරීක්‍ෂාව නතර කරන ලෙස නියෝගයක් ලබා දී තිබීම මේ සෞඛ්‍ය බලධාරීන් නොදැන සිටීමය. HSD පරීක්‍ෂණය මගින් මව්වරුන් වඳ භාවයට පත් වී ඇත්ද යන්න නිවැරැදිව සොයා ගැනීමට නොහැකි බවට නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍යවරු පුනපුනා කියා සිටියහ.
මෙම පරීක්‍ෂණය මගින් කෙරෙන්නේ පැලෝපීය නාලය හරහා ඩයි වර්ගයක් යවා එය ක‍්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමය. එහෙත් එම ක‍්‍රමය මගින් මව්වරුන් වඳභාවයට පත් වී ඇත්දැයි හඳුනාගැනීම අපහසුය.
එමෙන් ම එම පරීක්‍ෂණය මව්වරුන්ට හානිදායක පරීක්‍ෂණයක් බව ද කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂවරයා කුරුණෑගල මහෙස්ත‍්‍රාත් හමුවේ ජුනි මස 28 වැනිදා පෙන්වා දුන්නේය. HSD පරීක්‍ෂණය ක‍්‍රියාත්මක කිරීමෙන් පිළිකා ඇති විය හැකි බවත්, මඳසරුභාවයට පත්ව සිටින මව්වරුන් ස්ථිර වශයෙන් ම වඳ භාවයට පත්විය හැකි බව ද වෛද්‍යවරු පැහැදිලි කර දුන්හ.
මේ තත්ත්වය සලකා බැලූ කුරුණෑගල මහෙස්ත‍්‍රාත්වරයා වඳ භාවයට පත් වී ඇති බව කියන මව්වරුන් HSD පරීක්‍ෂාව සඳහා යොමු කිරීම නතර කළේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම වෛද්‍ය ෂාෆි වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණයෙන් පුනපුනා ඉල්ලා සිටියේ HSD පරීක්‍ෂණය සිදු කිරීමට අවසර ලබා දෙන ලෙසයි. මොවුන්ට අවශ්‍ය වී තිබුණේ HSD පරීක්‍ෂණය සිදුකර වෛද්‍ය ෂාෆි නිවැරැදිකරුවකු කර ගැනීමට බව පැහැදිලිය.
මව්වරුන් වඳ භාවයට පත් කර ඇද්ද යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂක වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා විසින් ක‍්‍රමවේදයන් කීපයක් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
මෙම ක‍්‍රමවේදයන් පිළිබඳව වාර්තාව සකස් කර තිබුණේ නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යුතු කමිටුවක් හරහා ය.
කුරුණෑගල රෝහල මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ නිර්දේශයන් මෙසේය.
1. වෛද්‍ය ෂාෆි විසින් සීසර් ශල්‍යකර්මවලට භාජන කළ රෝහලට පැමිණ පැමිණිලි ඉදිරිපත් කළ මව්වරුන්ගේ ප‍්‍රජනන ඉන්ද්‍රියයන්වල ව්‍යුහයට හා ක‍්‍රියාකාරීත්වයට යම් හානියක් සිදු වී ඇත්දැයි පරීක්‍ෂා කිරීමට සුදුසු නවීන තාක්‍ෂණ ක‍්‍රමවේදයන් භාවිත කර එම මව්වරුන් පරීක්‍ෂාවට ලක් කර ඔවුන්ගේ මඳසරුභාවය සම්බන්ධයෙන් නිගමනයකට එළඹිය යුතු බව.
2. පිළිගත් පර්යේෂණාත්මක විධික‍්‍රමයක් වන සංඛ්‍යාතමය ක‍්‍රමවේදයන් භාවිත කර ඔහු විසින් සිදුකළ සීසර් ශල්‍යකර්මවලින් පසු මදසරුභාවයට පත් වී ඇති සිංහල සහ මුස්ලිම් මව්වරුන්ගේ සංඛ්‍යාවන් සංසන්දනය කිරීම සහ වෙනත් නාරි හා ප‍්‍රසවවේදී වෛද්‍ය නිලධාරීන් සිදුකළ සීසර් ශල්‍යකර්මවලින් පසු මඳසරුභාවයට පත් වූ මව්වරුන්ගේ සංඛ්‍යාවත් වෛද්‍ය ෂාෆි විසින් සිදුකළ සීසර් ශල්‍යකර්මවලින් පසු මඳසරුභාවයට පත්වූ මව්වරුන් හා සංසන්දනාත්මක විශ්ලේෂණයක් කළ යුතු බව.
මෙම ක‍්‍රියාවන් මාර්ගයෙන් මව්වරුන් වඳභාවයට පත් කර ඇත්ද යන් නිවැරැදිව නිගමනයකට එළඹිය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...