දේශීය පුවත්

යාපනය මනිප්පායි ඉනුවිල් පොලිස් වසමේදී පොලිස් නිලධාරීන්ගේ වෙඩි තැබීමකින් ආවා කල්ලියට අයත් සාමාජිකයෙකු මිය ගොස් ඇතැයි මන්නිපායි පොලිසිය කියයි.

ඊයේ (20) රාත්‍රියේදී ඉනුවිල් ප‍්‍රදේශයේ නිවාස කීපයකට ආවා කල්ලියේ සාමාජිකයින් ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණෙන බවට වූ තොරතුරක් මත පොලීසිය එම ප‍්‍රදේශයේ වාහන හා පුද්ගලයින් සොදිසි කිරීම් කටයුතුවල නිරත වී තිබේ.

එම අවස්ථාවේදී තියුණු ආයුධවලින් සන්නද්ධ පුද්ගලයින් හයදෙනකු යතුරුපැදි තුනකින් පැමිණ ඇති අතර, ඔවුන් ආරක්ෂක අංශ සාමාජිකයන්ට පහරදීම හේතුවෙන් වෙඩි තබා ඇත.

එක් සැකකරුවකු තුවාල ලබා ඇති අතර ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙහිදී එම පුද්ගලයින් සතුව තිබු යතුරු පැදියක් හා කඩු තුනක් පොලිසිය භාරයට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් යතුරු පැදිවලින් පලා ගොස් තිබේ.

මනිප්පායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More